පොත් ලැයිස්තුව

​විසි වැදෑරුම් සක්කාය දිට්ඨිය

star_outline

රූපය මුල්කරගෙන හටගන්නා සක්කාය දිට්ඨි හතර

  1. රූපං අත්තතෝ සමනුපස්සති: රූපය මාගේ ආත්මය වශයෙන් ගැනීම (පළමු සක්කාය දිට්ඨිය).
  2. රූපවන්තං වා අත්තානං: ආත්මය රූපවත් යැයි හෙවත් රූපයෙන් හටගත් ආත්මයක් ඇතැයි සැලකීම (දෙවන සක්කාය දිට්ඨිය).
  3. ​අත්තනි වා රූපං: ආත්මය තුළ රූපය ඇතැයි සැලකීම (තුන්වන සක්කාය දිට්ඨිය).
  4. රූපස්මිං වා අත්තානං: රූපය තුළ ආත්මය ඇතැයි සැලකීම (හතරවන සක්කාය දිට්ඨිය).

වේදනාව මුල්කරගෙන හටගන්නා සක්කාය දිට්ඨි හතර

  1. වේදනං අත්තතෝ සමනුපස්සති: වේදනාව ආත්මය වශයෙන් ගැනීම (පස්වන සක්කාය දිට්ඨිය).
  2. වේදනාවන්තං වා අත්තානං: ආත්මය වේදනා සහිත යැයි හෙවත් වේදනාවෙන් හටගත් ආත්මයක් ඇතැයි සැලකීම (හයවන සක්කාය දිට්ඨිය).
  3. අත්තනි වා වේදනං: ආත්මය තුළ වේදනාව ඇතැයි සැලකීම (හත්වන සක්කාය දිට්ඨිය).
  4. වේදනාය වා අත්තානං: වේදනාව තුළ ආත්මය ඇතැයි සැලකීම (අටවන සක්කාය දිට්ඨිය).

සංඥාව මුල්කරගෙන හටගන්නා සක්කාය දිට්ඨි හතර

  1. සඤ්ඤං අත්තතෝ සමනුපස්සති: සංඥාව ආත්මය වශයෙන් ගැනීම (නවවන සක්කාය දිට්ඨිය).
  2. සඤ්ඤාවන්තං වා අත්තානං: ආත්මය සංඥාව සහිත යැයි හෙවත් සංඥාවෙන් හටගත් ආත්මයක් ඇතැයි සැලකීම (දහවන සක්කාය දිට්ඨිය).
  3. අත්තනි වා සඤ්ඤං: ආත්මය තුළ සංඥාව ඇතැයි සැලකීම (එකොළොස්වන සක්කාය දිට්ඨිය).
  4. සඤ්ඤාය වා අත්තානං: සංඥාව තුළ ආත්මය ඇතැයි සැලකීම (දොළොස්වන සක්කාය දිට්ඨිය).

සංස්කාර මුල්කරගෙන හටගන්නා සක්කාය දිට්ඨි හතර

  1. සංඛාරේ අත්තතෝ සමනුපස්සති: සංස්කාර ආත්මය වශයෙන් ගැනීම (දහතුන්වන සක්කාය දිට්ඨිය).
  2. සංඛාරවන්තං වා අත්තානං: ආත්මය සංස්කාර සහිත යැයි හෙවත් සංස්කාරයන්ගෙන් හටගත් ආත්මයක් ඇතැයි සැලකීම (දාහතරවන සක්කාය දිට්ඨිය).
  3. අත්තනි වා සංඛාරේ: ආත්මය තුළ සංස්කාර ඇතැයි සැලකීම (පහළොස්වන සක්කාය දිට්ඨිය).
  4. සංඛාරේසු වා අත්තානං: සංස්කාර තුළ ආත්මය ඇතැයි සැලකීම (දාහයවන සක්කාය දිට්ඨිය).

විඤ්ඤාණය මුල්කරගෙන හටගන්නා සක්කාය දිට්ඨි හතර

  1. විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති: විඤ්ඤාණය ආත්මය වශයෙන් ගැනීම (දාහත්වන සක්කාය දිට්ඨිය).
  2. විඤ්ඤාණවන්තං වා අත්තානං: ආත්මය විඤ්ඤාණය සහිත යැයි හෙවත් විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් ඇතැයි සැලකීම (දහඅටවන සක්කාය දිට්ඨිය).
  3. අත්තනි වා විඤ්ඤාණං: ආත්මය තුළ විඤ්ඤාණය ඇතැයි සැලකීම (දහනවවන සක්කාය දිට්ඨිය).
  4. විඤ්ඤාණස්මිං වා අත්තානං: විඤ්ඤාණය තුළ ආත්මය ඇතැයි සැලකීම (විසිවන සක්කාය දිට්ඨිය).